සෙල්ල කතරගම නගරයේ දේවාල භුමියට යන මාර්ගයේ තාවකාලික වෙළෙන්දෝ රැසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගරයෙන් ඉවත් කීරීම නිසා වෙළදුන් අතර දැඩි උණුසුම් වතාවරණයක් ඇති විය.
ශ්‍රී වල්ලි විහාරස්ථානයට යන මාර්ගයේ අනවසර ( තාවකාලික මඩු ) 30 ක් පමණ ඉවත් කළ අතර වෙළඳුන් වසර තිහක් පුරා එම කඩවල සිටින බවයි. ‘පසු ගිය රජයෙන් අනවසර කඩකරුවන්ට මල් කඩ හැදුවා එවා දුන්නේ දේශපලඥයින්ගේ හිතවතුන්ට කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සමහර මන්ති‍්‍රවරුන්ටත් එතන කඩ තියෙනවා. අනවසර කඩ හිමියන්ට කියලා හදපු කඩ 32 බෙදා ගත්තේ සල්ලි තියෙන අය අපිත් ජිවත් වෙන්න ඕනෑ ඇයි, දුප්පත් අය ගැන හිතන්නේ නැතිව අපි එළවන්නේ’ ඔවූහු සිය අඳෝනාව නැගූහ.
කතරගම නාගරික සංවර්ධන අධිකාරියේ ස්ථාන භාර නිළධාරි ඩබ්ලිව්.එම්.එස්. වනසිංහ මහතා පැවසුවේ
‘පුජා භුමියට එන වන්දනාකරුවන් මේ වෙළදුන් හිරි හැරයක්. මොවුනට සෙල්ල කතරගම සති පොළ භුමියේ කඩ පොළක් හදා තිබෙනවා. මේ අය එතනට යන්නේ නැතිව මග හරස් කරමින් වන්දනා කරුවන්ට හිරි හැර වන අයුරින් සිටින නිසා ඉවත් කළා.’






