සමෘද්ධිය උදා කරන සාම පහනක් තැනීම සඳහා සෙල්ල කතරගම ගණ දේවාලයේ කපුවකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයකු රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
බිරිය ද සමග තම දේවාලයට පැමිණ තමා සමග මිතුරු වූ මොරටුවේ චේතිය මහගොඩගේට එම මුදල් දුන් බවත්, මාසයක් ඇතුළත මුදල් ආපසු දෙන බවට ඔහු පොරොන්දු වී අගරු චෙක්පත් නිකුත් කළ බවත් කපුවා පොලිසියට කියා ඇත.
වැඩිදුර විභාගය 19 වැනිදාට කල් තැබිණි.