බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති ‘සෙල්කොන්’ කුසලාන තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ඉන්දීය පිල සමත් විය. ශී‍්‍ර ලංකාවට එරෙහිව ටි‍්‍රනිඩෑඞ්හි ක්වින්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) නිමාවූ අවසන් මහා තරගයෙන් ඉන්දීය පිල එක කඩුල්ලක තියුණු ජයක් ලැබීය.
ඉන්දීය පිල ලකුණු 202 ක ජයග‍්‍රහි ඉලක්කය ඕවර 49.4 කදී කඩුලූ 9 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආබාධයකට ලක්ව සිටියදීත් මෙම තරගයට සහභාගි වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 52 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 45 ක් රැුස්කරමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්විය.
මහේන්ද්‍ර සිං දෝනි අවසන් තරගයේ වීරයා ලෙස ද, වේග පන්දු යවන ක‍්‍රීඩක බුවනේෂ්වර් කුමාර් තරගාවලියේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
රංගන හේරත් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වුවද, දෝනිගේ ඉනිම හමුවේ ශ‍්‍රී ලංකාව වෙතින් ජයග‍්‍රහණය ගිලිහි ගියේය.
කුමාර් සංගක්කාර (71) සහ ළහිරු තිරිමාන්න (46) තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 122 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකාව ශක්තිමත් තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූව ද, 38 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේ සිට පන්දු 13 ක් තුළදී ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර සහ කුසල් ජනිත් දැවී යෑමෙන් ශ්‍රී ලංකා ලකුණු වේගය අඩපණ විය.
කඩුලූ 2 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ මැද පෙළ සහ පසු පෙළ පිතිකරුවන් අසාර්ථක වීමෙන් ලකුණු 30 කට කඩුලූ 8 ක් බිඳ වැටී ලකුණු 201 කට සීමා වීමට සිදුවිය.
කුමාර් සංගක්කාර විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 100 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 71 ක් රැස් කළේය. මෙය සංගක්කාරගේ 77 වැනි එක්දින අර්ධ ශතකය වේ.
ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය. සිය 400 වැනි එක්දින අන්තර්ජාතික තරගයට සහභාගි වූ මහේල ජයවර්ධන පන්දු 28 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 22 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් විය.
ළහිරු තිරිමාන්න ලකුණු 2 ක් ලබා සිටියදී ඉෂාන්ත් ශර්මා යැවු ඉනිමේ 18 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි රවිචන්ද්‍රකුමාර් අෂ්වින් වෙතට ලබාදුන් උඩ පන්දුව රැුකගත්තේ නම් ශ්‍රී ලංකා ලකුණු පුවරුව මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි.
ශ්රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත් මෙම තරගයට ක‍්‍රීඩා කළ අතර ජීවන් මෙන්ඩිස්ට ස්ථානය අහිමිවිය. දිල්හාර ලොකුහෙට්ටිගේ ස්ථානයට සුරංග ලක්මාල් කැඳවා තිබුණි.
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම
ශ‍්‍රී ලංකාව
උපුල් තරංග - ඇ. දෝනි ප. බුවනේශ්වර් කුමාර් 11
මහේල ජයවර්ධන - ඇ. අශ්වින් ප. බුවනේශ්වර් කුමාර් 22
කුමාර් සංගක්කාර - ඇ. විනේ කුමාර් ප. අශ්වින් 71
ළහිරු තිරිමාන්න - ඇ. බුවනේශ්වර් කුමාර් ප. ඉෂාන්ත් ශර්මා 46
ඇන්ජලෝ මැතිව්ස් - ඇ. විනේ කුමාර් ප. ඉෂාන්ත් ශර්මා 10
කුසල් ජනිත් - ස්ට. දෝනි ප. අශ්වින් 2
දිනේෂ් චන්දිමාල් - ඇ. අශ්වින් ප. ජදේජා 5
රංගන හේරත් - ස්ට. දෝනි ප. ජදේජා 5
ශමින්ද එරංග - නොදැවී 5
ලසිත් මාලිංග - ඇ. බුවනේශ්වර් කුමාර් ප. ජදේජා 0
සුරංග ලක්මාල් - ස්ට. දෝනි ප. ජදේජා 1
අතිරේක 23
එකතුව ඕවර 48.5 කදී සියළු දෙනා දැවී 201
කඩුලු වැටීම : 1-27, 2-49, 3-171, 4-174, 5-176, 6-183, 7-193, 8-196, 9-196, 10-201
පන්දු යැවීම : බුවනේශ්වර් කුමාර් : 8-4-24-2, විනේ කුමාර් : 6-1-15-0, ඉෂාන්ත් ශර්මා : 8-1-45-2, විරාට් කෝලි : 3-0-17-0, සුරේෂ් රයිනා : 6-0-25-0, රවිචන්ද්‍රන් අශ්වින් : 10-0-42-2, රවින්ද්‍ර ජදේජා : 7.5-1-23-4
ඉන්දිය කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ප. හේරත් 58
ශීකාර් ධාවන් - ඇ. සංගක්කාර ප. එරංග 16
විරාට් කෝලි - ඇ. සංගක්කාර ප. එරංග 2
දිනේශ් කාර්තික් - ඇ. ජයවර්ධන ප. හේරත් 23
සුරේෂ් රයිනා - ඇ. සංගක්කාර ප. ලක්මාල් 32
මහේන්ද්‍ර සිං දෝනි - නොදැවී 45
රවින්ද්‍ර ජදේජා - ක.මු.කළා ප. හේරත් 5
රවිචන්ද්‍රන් අශ්වින් - ක.මු.කළා ප. හේරත් 0
බුවනේශ්වර් කුමාර් - ක.මු.කළා ප. මාලිංග 0
විනේ කුමාර්- ඇ. අතිරේක ප. මැතිව්ස් 5
ඉෂාන්ත් ශර්මා - නොදැවී 2
අතිරේක 15
එකතුව ඕවර 49.4 කදී කඩුලූ 9ක් දැවී 203
කඩුලු වැටීම:
1-23, 2-27, 3-77, 4-139, 5-145, 6-152, 7-152, 8-167, 9-182
පන්දු යැවීම:
ශමින්ද එරංග : 9.4-2-50-2, සුරංග ලක්මාල් : 10-1-33-1, ඇන්ජලෝ මැතිව්ස් : 10-1-38-1, ලසිත් මාලිංග : 10-1-58-1, රංගන හේරත් : 10-2-20-4