සෙබලකු ළඟ සරඹ උණ්ඩයක්


කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරිමේ හයවැනි වසර සැමරුම බැලීමට මාතර කොටුවේගොඩ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ හත්වැනි කලාප පිවිසීමේ දොරටුවෙන් ඇතුළුවූ  හමුදා සෙබලකු ළඟ තිබී මිලිමීටර 7.6ක සරඹ ජීව උණ්ඩයක් සොයාගත් බව පොලිසිය කියයි.

සාමාන්‍ය ඇඳුමින් සැරසී එහි ඇතුළු වූ මෙම සෙබළා මන්නාරම 25වැනි ගැමුණු හේවා බලකායේ සේවය කරන බවත් නිවාඩුවට ගමේ පැමිණි බවත් කියයි. ඔහු දෙයියන්දර පහළ මැදගම පදිංචි පුද්ගලයෙකි.

නාරම්මල පොලිසියෙන් විශේෂ රාජකාරී සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරියකු ඔහු අත්අඩංගුවට ගෙන මාතර පොලිසියට භාර දී ඇත.