සෙංකඩගල මැණිකේ’පීලි පනී


(යොහාන් භාසුර සහ පී.ශාන්ත බණ්ඩාර)

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ‘සෙංකඩගල මැණීකේ’ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී අද (4) පෙරවරුවේ පීලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.


අද පෙරෙවරු 6.25 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ එම දුම්රියේ එංජිමේ ඉදිරි රෝද දෙක පමණක් පිලි පැන ඇති බවත් අදාල දුම්රිය පිලිගත කිරීම සඳහා සේවකයන් යොමුකර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.