සෙංකඩගල මැණිකේ පීලි පනී


(යොහාන් භාසුර, සුරංග රාජනායක සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට අද (15) පස්වරු 04.35 ට  මහනුවර බලා පිටත් වූ වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතර පිහිටි ගංගොඩ උප දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය.

එම දුම්රිය නැවත පිළිගත කිරීමට සේවකයන් මේ වන විට කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.