සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පසුගිය සෙනසුරාදා (23) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී ක‍්‍රීඩාංගණයේ විදුලිය බිද වැටීම පිළිබදව පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
”අපිට විදුලිය සැපයීම පිළිබද වගකීම ගන්න බෑ. එහි වගකීම ලංකා විදුලි බල මණ්ඩලයට පවරා තිබෙනවා. ඒ නිසා මෙම විදුලිය බිද වැටීම පිළිබද වගකීම ඔවුන් බාරගත යුතුයි” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මෙම විදුලිය බිද වැටීමෙන් තරගය පැයයි, විනාඩි 39 ක පමණ කාලයක් අත්හිටුවීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඕවර 9 ක් අඩු කිරීමට ද සිදුවිය.