සූර්යා සුවඳකූරු සංඛපාල යයි


සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර ඓතිහාසික ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේ දී මැදින් පුන් පොහෝ දා පැවැත්විණි.

“සදහම් සැරිසර“ විශේෂ සජීවි පෝයදින වැඩසටහන එදින මුළුල්ලේම සංඛපාල රජමහා විහාරයේ පැවැත් වූ අතර එහිදී සූර්යා නිවස, සූර්යා සුවඳ කූරු බැතිමතුන්ට නොමිලේ බෙදා දුන්නේය.

සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර දුරුතු පොහෝදින ඓතිහාසික කැලණිය රාජමහා විහාරයෙන් ආරම්භ කළේය.

විශේෂ සජීවි පෝය දින වැඩසටහනක් වන “සදහම් සැරිසර“ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ඛේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් සූර්යා සුවඳකූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් සූර්යා නිවස කටයුතු කරනු ලබයි.

සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි ගෞරි රාජන් මෙනවිය පැවසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.

දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදයනක්වන සූර්යා සුවඳ කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින්ඉවෙළෙඳපොළට හදුන්වා දී ඇත.

මෙවර සංඛපාල විහාරයේදී සිය සද්කාර්ය ඉටු කළ අයුරු ඡායාරූප වලින් දැක්වේ.