
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නිෂ්පාදනයක් වන ‘සූර්යා සුවඳකූරු ,ලංකාදීප ඔන්ලයින් එක්ව ක්‍රියාත්මක කරන ‘සූර්යා සුගන්ධ ධූප පූජාව’ මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයේදී හෙට (1) පෝය දිනයේ පැවැත්වේ.
සුගන්ධ ධූප පූජාව සහිත පෙරහැර පස්වරු 6.00 ට ආරම්භ වීමට නියමිත අතර මේ අවස්ථාවට ජනප්‍රිය රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ද සහභාගී වෙති.
එදින එම විහාරස්ථානයට පැමිණෙන සැදෑවතුන් වෙනුවෙන් විචිත්‍ර ධර්ම දේශකකයන් වහන්සේලාගේ ධර්ම දේශනා, කවිබණ, සම්බුද්ධ පූජා සහ ධර්ම සාකච්ඡා ආදි පිංකම් රැසක් සංවිධානය කර තිබේ.
ලංකාදීප පුවත්පත, ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිටි එෆ්.එම්. සේවය එක්ව මෙම වැඩසටහන ජනතාව වෙත ගෙන සියලු කටයුතු සූදානම් කර තිබේ.

