සූර් වී බසය පැදවූ රියදුරු අත්අඩංගුවට


(නිමල් ජයරත්න )

කදුරුවෙල සිට මහියංගණය දක්වා මගින් පිරිසක් පටවා බීමතින්, තවත් බස් රථයකට වෙට්ටු දමමින්, ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සෙසු වාහන වලට හිරිහැර වන අයුරින්, බසය ධාවනය කෙරු රියදුරෙකු සිරිපුර නගරයේදී අද (03 ) දහවල් අත්අඩංගුවට ගත් බව සිරිපුර පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් රියැදුරු අවුරුදු පනහක් පමණ වයසති පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.

රියැදුරු සමග බස් රථය ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම බස් රථයේ සිටි මගීන් පිරිස පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයට නංවා ගමනාන්තය දක්වාම යැවීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි. 

පුද්ගලයෙකු විසින් හදිසි දුරකථන ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් රියැදුරු බීමත්ව අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීමේ වරදට දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව සිරිපුර පොලිසිය සඳහන් කරයි.