මත්පැන් බී පාසල් සිසු සිසුවියන් 16 දෙනකු නිට්ටඹුවේ පාසලකට රැගෙන ගිය රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
රියදුරු බීමතින් සිටින බවට ලද තොරතුරක් අනුව කොළඹ-නුවර පාරේ වරකාපොලදී වාහනය නවතා රියදුරු අත්අඩංගුවට ගත් බවත්, පොලිසියට රැගෙන ගොස් බැලුම් පුම්බන්නට දුන් විට එය තහවුරු වූ බවත් පොලීසිය කියයි.