
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ යෙදුණු ඉන්දීය ජාතික තරුණියන තිදෙනකු ඇතුළු සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් සමඟ ජංගම දුරකථන 20 ක් ලැෆ්ටොෆ් පරිගණක 3 ක් හා ටැබ් යන්ත්‍රයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 22 - 43 අතර පසුවන්නන්ය.

