(යොහාන් භාසුර)
ජාතික ජනබලවේගයේ මැතිවරණ සමයේ ප්‍රකාශ කළ පරිදි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමේ කාර්ය සඳහා සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමුඛ නිෂ්පාදකයන් ආරක්‍ෂා කිරීම සඳහා ‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය මාස තුනකට දීර්ඝ කර තවත් සහන කාලයක් දීමට පියවර ගෙන ඇතැයි මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (26) පැවසීය.
‘පරාටේ’ නීතිය අත්හිටුවිමේ කාලය දීර්ඝ කිරීම ලබන මාර්තු මස අවසානයේ අවසන් වන බවත් ණය සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරන ව්‍යාපාරිකයන්ට පමණක් සහන කාලයක් හිමිවන බවත් සූරියප්පෙරුම මහතා කීය.
ඒ අනුව ණය මුදල රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි 2.5 ට අඩු ව්‍යාපාරිකයන්ට මාස තුනට අමතරව අමතරව තවත් මාස 9 ක සහන කාලයක් ද, ණය මුදල රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ව්‍යාාරිකයන්ට තවත් මාස 6 ක සහන කාලයක් ද, ණය මුල රුපියල් මිලියන 50 ට වැඩි ව්‍යාපාරිකයන්ට අමතර මාස 3 ක් ලැබෙන බවත් මෙම කාලය තුළ එම ව්‍යාපාර සම්බන්ධයෙන් අලුත් කිසිඳු නීතිමය කටයුත්තක් ආරම්භ නොකරන ලෙස බැංකුවට දැනුම්දී ඇති බවත් සූරියප්පෙරුම මහතා පැවසීය.
ව්‍යාපාරිකයන් සඳහා ආණ්ඩුව දුන් සහන ඉතාම පැහැදිළිව මහ බැංකුවට යොමුකර තිබුණ ද එම බැංකුව වෙනත් දෙයක් ප්‍රසිද්ධ කර ඇති බව කී සූරියප්පෙරුම මහතා එය නිවැරදි කරන ලෙස මහ බැංකුවට දැනුම්දී ඇති බව ද සඳහන් කළේය.