සුළු වැසි තත්වයක් අදත්


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු පළාවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට, මන්නාරම සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසි ඇති වේ.