මෙරට සුළු ජාතීන්ගේ අරබුදය හා ඔවුනගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන ආකාරයේ නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සුළු ජාතික කටයුතු භාර විශේෂ නියෝජිතවරියක වන අයිඑන් රීටා මහත්මිය විසින් ලබන මාර්තු පැවැත්වෙන 34 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත බව නැගෙනහිර මහ ඇමැති හාෆිස් නසීර් අහමද් මහතා සදහන් කළේය.
මෙරට සංචාරයක නිර වී සිටින රීටා මහත්මිය ඇතුළු පිරිවර අද 14 නැගෙනහිර ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ දී මේ බව සදහන් කළ බවද මහ ඇමැතිවරයා පැවසීය.
මෙරට සුළු ජාතීන් මුහුණ පා සිටින අර්බුද විසඳාලීම සම්බන්ධයෙන් හා එම ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කර දීම සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මෙලෙස මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කරන බව ද රීටා සහතික වුවාය.