අද අලුයම හමාගිය තද සුළඟකින් පානදුර පල්ලිමුල්ල හන්දියේ නිවාස 12 ක් ඇතුළු ව්‍යාපාර ස්ථාන 4 කට දැඩි ලෙස අලාභ හානි සිදුව අැත.
අලුයම 2 කට පමණ වෙඩි තබන ශබ්දයක් සේ හඩක් නගමින් ලොකු ගෝෂාවක් අැසුන බවත් පසුව වැස්සත් සමග නිවස වල වහල ගැලවී ගිය බවත් කීප සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
බොහෝ නිවෙස්වල ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු විශාල ප්‍රමාණයක් ගැලවී සුළගේ ගසාගෙන ගොස් කුඩු පට්ටම් වී තිබු අතර ව්‍යාපාර ස්ථානයක වහලයේ තිබු දිග තහඩු රැසක්ම මීටර් 200ක් පමණ දුරට සුළඟින් ගසාගෙන ගොස් තිබිණ.
එක් නිවසක විදුලිය මීටරයද ගැලවී පාරට විසිවී තිබී සොයා ගැනින.







