සුළඟින් නාගොඩටත් බර හානි


(හේමපාල ලියනගේ)

නාගොඩ වඳුරඹ යටලමත්ත මාපලගම ප්‍රදේශ හරහා අද සවස  හමා ගිය දැඩි සුළඟකින් ගාල්ල නාගොඩ ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට තිබූ විශාල ප්‍රමාණයේ ගස් දෙකක් ගොඩනැගිල්ලකට සහ පාසල් ප්‍රධාන බැම්මට කඩා වැටීම හේතුවෙන් දැඩි ලෙස අලාභ හානි සිදු වී තිබූ ආකාරය දක්නට ලැබිණි.

ප්‍රධාන මාර්ගයේ විදුලි බල රැහැන් පද්ධතියට දැඩි ලෙස හානි සිදුවී ඇත.

මේ වන විට ගාල්ල මාපලගම මාර්ගය නාගොඩ ප්‍රාථමික විද්‍යාලය අසලින් සම්පූර්ණයෙන් අවහිර වී ඇත.

සියලු දෙනා විකල්ප මාරග භාවිතා කරන්න.