නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා වන ජයන්ත ජයසූරිය මීළඟ නීතිපති වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවාලු.
යුවන්ජන් විජේතිලක මහතා පසුගිය 10 වැනිදා ඉසිඹු ගැනීමෙන් පසු මාසයකට ආසන්න කාලයක් ඒ පදවිය හිස්ලු. නීතිපති වෙනුවෙන් වැඩ බලන සුහද ගම්ලත් ශ්‍රී ලංකාවේ එතෙර රාජ්‍ය දූතයකු වන ලකුණු තිබෙනවාලු.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂත් ගම්ලත්ට කැමතිලු. නීතිපති පදවියට ඉදිරිපත්වූ නම් ව්‍යවස්ථා සභා රැස්වීමේ සාකච්ඡා කළාලු. කථානායක කරු ජයසූරිය, ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයායි. කමිටු සාමාජික තරුණ ඇමැතිවරයකු ගම්ලත්ගේ නමට විරෝධය පෑවාලු. මෛත්‍රිපාල සිරිසේන ජනපති මේ සතියේදී තීරණයක් ගන්නවාලු. අවසන් පත්වීම කරනුයේ ව්‍යවස්ථා සභාවෙනි.

