සන්ධාන මහ ලේකම් නීතීඥ සුසිල් ප්‍රේමජයන්ත, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිලට පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ දී ඉන්දියාවේත් ලංකාවේත් සිතියම් දෙකක් ඇඳ මොනවා දෝ කුරුටුගාමින් ඔහුට එම කොළයේම මොනවාදෝ ලියුවේය.
ඔහු එදා එම කොලයේ පෑනකින් ලියූවේ මැතිවරණයේ දී යූඇන්පියට ඡන්දය දුනහොත් අගෝස්තු 18 වැනි දා ඉන්දියාවේ නව ප්‍රාන්තයක් ඇතිවනු ඇති බවයි.
ඔහු මෙය ලියන්නට ඇත්තේ එක්කෝ ගම්මන්පිල ලවා එම කතාව කියවන්නට ද, එසේ නැත්නම් වෙනත් දෙයකට ද යන්න පැහැදිලි නැත.
ඔහුගේ අදහස වූයේ එය ගම්මන්පිල ලවා කියැවීම නම් එය බළලුන් ලවා කොස්ඇට බෑවීමක් බව කියති.
ඔහු ගම්මන්පිලට කියූ දේ ඔහුගේ කතාවේ දී සඳහන් කළ බවත් ඇසුනේ නැත. ගම්මන්පිලගෙන් ද එවැන්නක් කියවුණේ නැත.






