සුසිල්ගේ අණට ප්‍රසන්න අනී


ශී‍්‍ර.ල.නි.ප මහජන නියෝජිතයින්ට වෙනත් පක්ෂ සංවිධානය කරන රැස්වීම් වලට සහභාගී වීම තහනම් කළද, සිය පෞද්ගලික මතය මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම තහනම් කළද මහනුවර රැස්වීමට ශී‍්‍ර ල.නී.ප. පාක්ෂිකයන් සහභාගී වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා කියයි.

නුගේගොඩ රැස්වීමට ආ පිරිසට වඩා වැඩි පිරිසක් මහනුවර රැස්වීමට එනු ඇතැයි ද ඔහු පවසයි. පක්ෂයක් යනු බෝඞ් ලෑල්ලක් නොවන බව පෙන්වා දෙන රණතුංග මහතා පක්ෂය රැක ගැනීමට නම් පාක්ෂීකයන්ගේ මතයට ඉඩ ලබා දීමට පක්ෂ නායකයන් කටයුතු කළ යුතු යැයි ද පසයි.  තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන් ප‍්‍රතිපත්ති පාවාදෙන පුද්ගලයින්ගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂා විය යුතු බව පවසන රණතුංග මහතා එ.ජා.පය පරාජය කිරීමේ සටනේ නායකත්වය නොගෙන එවැනි රැස්වීම් වලට සිය මහජන නියෝජිතයින් සහභාගී වීම  වැලැක්වීමට ගනු ලබන පියවර පාක්ෂිකයන්ගේ ප‍්‍රසාදයට හේතු නොවන බවද පෙන්වා දෙයි.

කුමන තත්වයන් යටතේ වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත් කිරීමේ  සටන අත් නොහරින බවත් රණතුංග මහතා අවධාරණය කරයි.