
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද {29} නිරත විය.
ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා එහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට සුවසැරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට සිදුකළ කැපකිරීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පිරිනැමීය.
මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා සතුට පළ කළේය.
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගැනීමට ඉන්දියාවට දායක වීමට හැකි වීම පිළිබඳව ඉන්දියාව ආඩම්බර වන බව එහිදී ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ,ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ සුවසැරිය ගිලන් රථ සේවාවේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී වී සිටියහ.




