සුවය ලැබූ 83ක් පිටව යති


කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 83දෙනෙකු සුවය ලබා අද(23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3644කි.

අද දිනයේදී සුවය ලබා පිටව ගිය පිරිස,

*  ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 8
*  වැලිකන්ද මූලික රෝහලෙන් - 1
* ඉරණවිල රෝහලෙන් - 7
* මිනුවන්ගොඩ මූලික රෝහලෙන් - 40
* නැගෙනහිර මූලික රෝහලෙන් - 1
* හම්බන්තොට රෝහලෙන් - 3
* රඹුක්කන ප්‍රාදේශීය රෝහල - 1
* කඹුරුගමුව රෝහල - 11
* කාන්තන්කුඩි රෝහල - 4
* තෙල්දෙණිය රෝහල - 5
* ලග්ගල පල්ලේගම රෝහල - 2
වශයෙනි.

සුවය ලැබූ පිරිස අතර, විදේශිකයෝ සිව්දෙනෙක් ද වෙති. දෙදෙනෙකු ඉරණවිල රෝහලෙන් සහ සෙසු දෙදෙනා හම්බන්තොට රෝහලෙන් පියව ගොස් ඇත.

මේ වනවිට ආසාදිතයන් 2629 දෙනෙක් රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටිති.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 6287ක් වන අතර, කොරෝනා ආසාදිතයන් 14දෙනෙකු මිය ගොසිනි.