සුවඳ විළවුන් ගේන්න ගඳ වැඩක් කරයි


බලපත්‍රයක්  නොමැතිව  හොර පාරෙන් මෙරටට ගෙන් වු රූපලාවන්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් හයක් සම්බන්ධව රේගුව පුළුල් පරීක්ෂණ සිදු කැර ගෙන යන බව  විලවුන් උපකරණ  ඖෂධ නියාමන අධිකාරියේ  අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය හේමන්ත  බෙනරගම  මහතා පැවසීය.

ආයතන හයක් විසින්  ඉකුත් මාස කිහිපය තුලදී මේවා ආනයනය කැර ඇත.

තම අත්සන ව්‍යාජ ලෙස යොදා  මෙම කන්ටේනර්  ආනයනයට  අවසර දුන් බවට  ලියැවිලි පවා රේගුව  ඉදිරිපත් කැර තිබු බව  හෙළිදරව්  වී ඇති බව  වෛද්‍ය බෙනරගම  සඳහන් කළේය.

 තම අත්සන ස්කෑන්  කැර එය ව්‍යාජ ලිපි ලේඛනවලට යොදන බව  පෙනේ යැයි  ඔහු කීවේය.

පොලිස් වංචා විමර්ශන අංශය පරීක්ෂණයක් පවත්වාගෙන යන බවත් ඔහු කීය.

මෙම කන්ටේනර්  හයේ තිබෙන  රූපලාවන්‍ය  ද්‍රව්‍යයන් ආනයනයට කිසිදු අවසරයක් ද දී නැත.