රජයේ රෝහල්හි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක වරුන්ට සහ උපස්ධායක වරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් විශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් තිබෙන බැවින් රෝහල්හි ප්‍රධාන හෙද නිලධාරීන් යොදා ගනිමින් සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදිමට ද අමාත්‍යාංශය සැළසුම් කැර තිබේ. සෞඛ්‍ය අමාතයාංශයේ අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය මෙය ඉටුකරයි.