සුව කන්තෝරුවේ රියැදුරා විහින් අමාරුවේ වැටිලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

විශ්‍රාමික පරිපාලන නිලධාරීනියකගේ ජංගම දුරකථනයට  වට්සඇප් මගින් අසභ්‍ය ඡායාරූප හා ලිංගික අවයව සහිත ඡායාරූප එවු බව කියන සෞඛ්‍ය අමාත්‍යාංශය රියදුරකු වේයන්ගොඩ පොලිසිය  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හතළිස් නම හැවිරිදි වියේ පසුවන විවහක අයෙකි.

අමාත්‍යාංශයක රාජකාරි කර විශ්‍රාම ලබා සිටින 61 හැවිරිදි පරිපාලන නිලධාරිනිය කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට අසභ්‍ය ඡායාරූප සහ ලිංගික අවයව අඩංගු ඡායාරූප එවීමට යොදාගත් බව කියන ජංගම දුරකථනය ද මේ සමඟම පොලිස් බාරයට ගෙන ඇත.