
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ - University Hospital – Kotelawala Defence University (UH-KDU) නිරීක්ෂණයක නිරත විය.
නවීන ශික්ෂණ රෝහලක් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල අනාගත වෛද්‍ය වෘත්තිකයන් ද පුහුණු කරමින් සුවිශේෂී රෝගී සත්කාර සේවාවන් සපයනු ලබන රෝහලකි.
එම රෝහල මගින් ලබා දෙන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයත්, මානව හා භෞතික සම්පත් ඉහළ නැංවීම මෙන්ම ඒ සම්බන්ධව පවතින ගැටළු සොයා බැලීමත් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.
රෝහලේ නවීන තාක්ෂණික උපකරණ වලින් යුත් දන්ත වෛද්‍ය අංශය, පිළිකා රෝග අංශය, රසායන ව්‍යාධිවේදී අංශය, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය, හෘද උරස් හා දැඩි සත්කාර ඒකකය, රසායනාගාර, කිමෝ තෙරපි ඒකකය සහ නේවාසික රෝගී වාට්ටු මෙන්ම රෝහල සතු වෙනත් පහසුකම් ද නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සමග රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වයත්, පවතින ගැටළු සහ ඉදිරි මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

