
(අංජුල මහික වීරරත්න)
මෙරට ඉන්දුනීසියා තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉන්දුනීසියා තානාපතිනිය අමාත්‍යවරයාට ප්‍රසාදය පළ කළේය.
ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව ඇය මෙහි දී සදහන් කළා ය.
ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාදීම, රජයන් - රජයන් අතර ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවත් තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා ය.
මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල, රජයන්, රජයන් අතර ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදය මෙන් ම ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාගැනීම, රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය දැනුවත් කළේය.

