
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සියල්ල සංවර්ධනය කර ගුණාත්මක, විශිෂ්ට, කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසය.
අමාත්‍යවරයා මේ බව කීවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක් අතරතුරදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය රෝහල, ගල්නෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, සහ තවත් ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන කිහිපයක නිරීක්ෂණයේ නිරත වු අමාත්‍යවරයා එම රෝහල් වල බාහිර රෝගී අංශ, සායන පරිශ්‍ර, වාට්ටු, ඖෂධාගාර, මුළු
එමෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටළු සහ සිය රාජකාරිය සිදුකිරීමේදී කාර්ය මණ්ඩලයට පවතින ප්‍රායෝගික ගැටළු පිළිබදව ද ඇමතිවරයා කරුණු විමසීය.

