
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව සහ මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.


