සුරේනිගේ නවතම ගීතයක් ළඟදීම


සුරේනි ද මෙල්  යනු වේග රිද්මය ගී මෙන්ම සංගීත ප්‍රසංගයක නැතිව බැරි ගායිකාවක්. ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව අපත් සමග මෙසේ පැවසුවාය.

"පසුගිය දවස් ටිකේ අවුරුදු නිසා සංගීත ප්‍රසංග සඳහා සහභාගී වුණා. එහි වැඩකටයුතුත් සමග ගොඩක් කාර්යය බහුල වුණා. ඒ දේවල් අවසන් වූ නිසා අලුත් Track එකක් කරලා තියෙනවා. ඒ Track එකත් ලැබෙනකන් වැඩි විස්තරයක් කියන්නෙ නැහැ. මොකද Track එක හරියට අතට ආවට පස්සෙ මගේ රසිකයන්ව ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ඒකට වීඩියෝ එකකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක නටන්න පුළුවන් වේග රිද්ම ගීතයක් වේවි. ඒ වැඩකටයුතු තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ඉවර වෙච්ච Track එකත් එක්ක තවත් Track එකක් කරන්න සැලසුම් කරගෙන යනවා."

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුරේනිගේ ෆේස්බුක් ගිණුම