සුරැකුම් කොමිසමට 10ක් පොරේ


ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා 10 දෙනකුගෙන් ඉල්ලුම්පත් ලැබී ඇතැයි සභාපති තිලක් කරුණාරත්න මහතා කියයි.

වසරක් තිස්සේම එම පදවිය පුරප්පාඩුව පැවතියේය. ප්‍රාග්ධන වෙළඳපොළ නියාමනය කරන මෙම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය සඳහා දෙසතියකට පෙර ඉල්ලුම්පත් කැඳවූ බවත් ඊට ලැබුණු ප්‍රතිචාරය ගැන සතුටුවන බවත් කරුණාරත්න මහතා පවසයි.