සුරාබදු නියාමක ඇන ගනී


ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු නියාමකයෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.

කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ සුරාබදු ලොක්කකුට එම අල්ලස දුන්නොත් ඔහුට ගංජා වෙළඳාම කරගෙන යා හැකි බව කියමින් ඔහුට තර්ජනය කර ඇති බවත්, ඒ අනුව මුද්දක් උගස් තියා මුදල් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.