සුරාබදු උසස්වීම් බල රහිත කරයි


සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමකයින් 47 දෙනකු සුරාබදු සැරයන් තනතුරට උසස් කිරීමෙන් සුරාබදු කොමසාරිම් ජනරාල්වරයා විසින් මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සියලූ උසස්වීම් බල ශූන්‍ය කිරීමට නියෝග කළේය.

මේ සම්බන්ධ පෙත්සම ගොනු කර ඇති පෙත්සම්කරුවන්ට රුපියල් 5000 බැගින් ගෙවන ලෙසද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

ඊට අමතරව රුපියල් 1,20000 ක නඩු ගාස්තු වලටද පෙත්සම්කරුවන් හිමිකම් ලබන බවද ප‍්‍රකාශ කෙරිණි.

මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ සුරාබදු නියාමන සහ කෝප‍්‍රල්වරුන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ඊවා වනසුන්දර සහ පී.ජයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමෙන් පසුවය.