සුරඟනන් මල්ගෙන ගිය ශ‍්‍රීපාද පාර ප‍්‍රතිසංස්කරණයට අනුමැතිය


(අජිත්ලාල් ශාන්තඋදය)

ශ‍්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යන බැතිමතුන් ගමන්ගන්නා ප‍්‍රධාන මාර්ග තුන අතරින් එකක් වූ කුරුවිට එරත්න මාර්ගය ප‍්‍රතිසංස්කරණය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
 
වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මේ සඳහාවු කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරනු ලැබීය. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

වන්දනාකරුවන් ලක්‍ෂයකට වැඩි පිරිසක් එක් වන්දනා වාරයකදී මෙම මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාද වන්දනාවට එක්වන බවත් මෙම මාර්ගයේ ස්වභාවිකව පිහිටා ඇති පඩිපෙළ දිගු කළකින් ප‍්‍රතිසංස්කරණ කර නොමැති නිසා වන්දනාකරුවන් විවිධ දුෂකරතාවන්ට මුහුණ දෙන බව කැබිනට් පත‍්‍රිකාවේ සඳහන් විය.එබැවින් කුරුවිට එරත්න ශ‍්‍රීපාද මාර්ගයේ හ`දුනාගත් ස්ථාන දුම්රිය මාර්ග අලූත්වැඩියාවේදී ඉවත් කරන සිල්පර කොටන් යොදා ගනිමින් ප‍්‍රතිසංස්කරණට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
 
ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ කරමින් මලූවට වැඩම කරවන සුමන් සමන් දෙව්රුව පූජාභාණ්ඩ සහිත පෙරහරක් 2019 වසරේ සිට කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ද වැඩම කරවනු ලබයි.
 
මෙම මාර්ගයේ කුරුවිට සිට අඩවිකන්ද කැකුණහින්න හන්දිය දක්වා වන්දනා වාරයේ දී ලංගම ඇතුලූ පොදු ප‍්‍රවාහන සේවාවන් ක‍්‍රියාත්මක වෙයි. එතැන් සිට සිරිපා මලූව දක්වා කිලෝමීටර් 22ක් පමණ දුරක් පාගමනින් වන්දනාකරුවෝ ගමන් ගනිති. එම මාර්ගය පාරිසරික වින්දනය ලබමින් ගමන් කළ හැකි මාර්ගයක් වේ. ශ‍්‍රීපාදය වන්දනා කිරිමට සුරංගනාවියන් මල් රැගෙන ගියේ මේ මාර්ගය ඔස්සේ බව ජනප‍්‍රවාදයේ එයි.
 
ජම්බලගස්යට, සරුවත්, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන අම්බලම් මේ මාර්ගයේ පිහිටා ඇති අතර ඒතැන්වල ගිමන් හැරීමේ පහසුකම් සලසා තිබේ. මෙම මාර්ගය හැරමිටිපානේදී රත්නපුර පලාබද්දල මාර්ගයට එක්වෙයි. එතැන්සිට මලූව දක්වා එකම මාර්ගයක් ලෙස මලූව දක්වා දිවෙයි.