සියඹලාණ්ඩුවේ හැඩඔයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශිය සභාපති සමන් වර්ණකුලසුරිය මහතා කොළඹ ව්‍යාපාරිකයකු හා එක්ව සිටිතියි සන්ධානයේම මන්ත්‍රී සුමේධා ජී ජයසේන මහත්මිය චෝදනා කරන්නීය.
මේ අනුව වසර දහයකින් හැඩඔය නැතිවීමට පවා ඉඩ ඇතැයි ඇය මොනරාගල මාධ්‍ය සාකච්ඡාවදී පැවසුවාය.
ප්‍රාදේශිය සභාපති සමන් වර්ණකුලසුරිය මහතා පැවසුයේ වැලි ගොඩ දැමීමට අවසර ගෙන ඇත්තේ ඛණිජ සම්පත් හා පතල් කාර්යාංශයෙන් බවයි.
තමාට චෝදනා කරන අයගේ කටට හොඳක් සිදු නොවන බවද ඔහු කියයි.