සුමිත්‍රා ෆොන්සේකා නිළිය සමුගනී


අභාවප්‍රාප්ත ගාමිණී ෆොන්සේකා මහතාගේ බිරිඳ වූ චිත්‍රපට නිළි සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය (75) අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රේමනාත් මොරායස්ගේ ‘ශ්‍රී 296‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගාමිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘උතුමාණෙනි‘ චිත්‍රපටයේ රඟපෑමෙන් අනතුරුව සිනමාවෙන් සමු ගත්තාය.