සුමිත් අබේසිංහ අමාත්‍ය මණ්ඩල ලේකම්


අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

අබේසිංහ මහතා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුර ද, ලේකම් තනතුර ද හොබවා ඇත්තේය.

  භාණ්ඩාගාරයේ සේවය කළ නිලධරයන් අතරින් ලේකම් තනතුරට පත්වූ පළමු පුද්ගලයා ඔහුය.

භූගෝල විද්‍යාවෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, ආර්ථික විද්‍යාවෙන් ඕස්ට්‍රේලියාවේ නිව් එන්ග්ලන්ඩ් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධිය ද දිනා සිටින ඔහු මුදල් අමාත්‍යංශයේ ඉහළ තනතුරු කිහිපයක් ම දැරීය. ජාතික අයවැය කාර්යාලයයේ අධ්‍යක්ෂ ජනරාල් වූ ඔහු ආර්ථික කටයුතු හා පොදුදේපොළ ප්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යක්ෂ වරයා ද විය.