සුමන්තිරන් ඝාතන සැකකරුවෝ යළි රිමාන්ඩ්


දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවෝ පස් දෙනා කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ ආනන්දරාජා මහතා විසින් ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

මෙම සැකකරුවන් පස් දෙනාගෙන් හෙට (14), බදාදා (15) සහ බ්‍රහස්පතින්දා (16) යන තෙදිනේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා ත්‍රස්ත විමර්ශන අංශයට නියෝග කළේය.

සුමන්තිරන් මහතාට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමේ උත්සහායක යෙදුණේ යැයි රිමාන්ඩ් බාරයේ සිටින්නේ කාරාලසිංගම් කුලේන්ද්‍රන්, වේලායුදම් විජයකුමාර්, මුරුගයියා තවේන්ද්‍රන්, ලුවීස් මරියනායගම්, ඥානසේකරලිංගම් රාජ්මදන්  යන  හිටපු කොටි සාමාජිකයන් පස් දෙනාය.