සුපිරිසිදු දේශපාලනයක පුරවැසි මෙහෙයුම හෙට ඇරඹේ


(අකිල බද්දෙවිතාන)

මෙරටෙහි පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත  කිරීමේ   අරමුණින්, “මාර්තු 12 ව්‍යාපාරය“ සංවිධානය කරන  “සුපිරිසිදු දේශපාලනයක් සදහා පුරවැසි මෙහෙයුම“ ජාතික වැඩසටහන් මාලාව  හෙට(13) උදෑසන 9.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ඇරඹේ.

මාර්තු12 ව්‍යාපාරය නියෝජනය කරන විද්වත් වෘත්තිකයන් , සිවිල් සමාජ නියෝජිතයන්, ස්වෙච්ඡා සංවිධාන  නියෝජිතයන්, වෘත්තිය සමිති නායකයන්, රජයේ නිලධාරීන්, ආගමික නායකයන්, කලාකරුවන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු පුරවැසියන්  සමග එක්ව මෝටර් රථ හා පාගමනින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලට ගමන් කර දිස්ත්‍රික් සමුළු පවත්වන අතර අවසානයේ  අප්‍රේල් 07 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහ සමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇත.
                                                    
සබුද්ධික ඡන්ද දායකයෙකු නිර්මාණය කිරීම  හා මෙරට පුරවැසි භූමිකාව සවිබල ගැනවීමේ අරමුණින් සැලසුම් කර ඇති මෙම වැඩසටහන් මාලාව තුළින්  දක්ෂ, අවංක හා පිරිසිදු අපේක්ෂකයන් මැතිවරණ සදහා ඉදිරිපත් කළ යුතු යැයි පක්ෂ නායකයන්ට බලකෙරෙන අතරම පිරිසිදු අපේක්ෂයන්ට ඡන්දය දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීමද සිදු  කෙරේ.