සුපිරිමඟේ හැට ලක්ෂයක යකඩ ගලවලා


දක්ෂිණ අධිවේගී මාර්ගයේ  තුංහඬහේන ගුවන් පාළමේ සිට  පෝරේ ගුවන් පාළම දක්වා  අධිවේගී මාර්ගය දෙපස වෙන් කරන යකඩ වැට හා සතුන් මාර්ගයට ඒම වැළක්වීම සඳහා සවි කැර ඇති දැල් හොරෙන් කැපු සහෝදරයින් දෙදනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව  අතුරුගිරිය පොලීසිය කියයි.එම යකඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැටකියි කියති.යකඩ බඩු මිලට ගත් පුද්ගලයෙක් ද ඒ අතර වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ  වැඩබිමකින්  බිම් තලනයක හා කුඩා ලොරියක කොටස් ද ඔවුන් විසින් ගලවා ඇතැයි කියති

05