කොළඹ යුනියන් පෙදෙසේ නීති විරෝධී සූදු පොළක් පවත්වාගෙන යෑම හා සූදු සෙල්ලම් කිරීමේ චෝදනා යටතේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දස දෙනකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ලබන වසරේ පෙබරවාරි 17 වැනිදා සාක්ෂි කැඳවීමට නියෝග කළේය.
පසුගිය 18 වැනි දා සූදුපොළ වටළා අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනකු ඇප මත මුදා හළ කොම්පඤ්ඤවීදිය පොලිසිය සැකකරුවනට අද අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා තිබිණි.
ඒ අනුව සූදුපොළ කළමානාකරනය කළ බව කියන පුද්ගලයෙක් සහ සූදු කෙළමින් සිටි බව කියන දස දෙනෙක් අධිකරණයට ඉදිරිපත් වූහ.
සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන එක් අයකු වරද පිළිගත් අතර ඔහුට රුපියල් සියයක දඩ නියම විය.
සූදු පොළේ කළමානාකරු බව කියන පුද්ගලයා සහ සූදු කෙළිමින් සිටි බව කියන සෙසු නව දෙනා චෝදනා නොපිළිගන්නා බව පැවසූයෙන් ඔවුන් ඇප මත මුදා හැරිණි.
අමරසේන ජයසිංහ, එච් ඒ ඩී විමලවර්ධන, ජී රූපසිංහ, එච් ඒ රුවන් නිස්සංක, නීල් සෙනරත්, මහේෂ් ප්‍රසන්න රාජපක්ෂ, මදුෂාන් මේනක බණ්ඩාර, ලක්ෂ්මන් එරික් ප්‍රනාන්දු, ඒ තිලකරත්න, රසික දර්ශන තිස්ස සහ දෙවාන් බන්දුල සැකකරුවෝය.

