සුපිරි ම‍ඟේ නෝට්ටු යන්තරේ ලෙඩක් ?


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සදහා  වැලිපැන්න පිටවුමේදී බැංකු නිලධාරිනියක  අද (14) උදේ  ඉදිරිපත් කළ රුපියල් 500 ක නෝට්ටුව ව්‍යාජ  බව එහි යන්ත්‍රයෙන් සටහන් වු නමුත් එම ප්‍රතිපලය පිළි නොගත් බැංකු නිලධාරීනිය අධිවේගී මාර්ග නිලධාරියකු සමග මතුගම බැංකුවකට ගියාය. එහි යන්ත්‍රයෙන් ලැබුණු  ප්‍රතිපලය වුයේ එම නෝට්ටුව හොද නෝට්ටුවක් බවයි.

ඒ අනුව බැංකු නිලධාරිනිය මුදා හැරිණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ  නඩත්තු හා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එච්. ඩී කහටපිටිය මහතා පැවසුයේ යන්ත්‍ර දෙකකින් ප්‍රතිපල දෙකක් ලැබීම ප්‍රශ්නයක් බවයි මේ පිළිබදව තව සොයන බව ඔහු කියයි.