තංගල්ල බන්ධනාගාරය වෙනුවට නවීන පහසුකම් යටතේ ඉදි කරන ලද ලංකාවේ ප්‍රථම ‘සුපිරි බන්ධනාගාරය’ ලබන මස 16 වැනි දින අගුණකොළපැලැස්සේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත කිරිමට නියමිතය.
අක්කර 40 ක භූමිභාගයක ඉදිකර ඇති මෙම බන්ධනාගාරය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 4500 ක් වන අතර මෙහි රැඳවිය හැකි සිරකරුවන් සංඛ්‍යාව 1500 කට ආසන්න වේ.

