සුපිරි පාරේ කසල තේ ඉහිරේ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර දී පෙරළී ගිය ලොරියකින් මිනිස් පරිභෝජනයට නුසුදුසු  තේ කිලෝ 3700ක් සමග දෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලීසියට බාර දුන් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

ගාල්ලේ සිට වැල්ලම්පිටියට තේ ප්‍රවාහනය කරමින් තිබිණි.

අධිවේගී මාර්ගයට අලාභ හානි කිරීම හා, බීමට නුසුදුසු තේ ප්‍රවාහනය කිරීමට ගැන ඔවුනට එරෙහිව නඩු පැවරීමට යයි.