සුපිරි ධීවර යාත්‍රාවක් හඳුන්වා දෙයි


 (අංජුල මහික වීරරත්න)

නවීන තාක්ෂණය හා නවීන මෙහෙයුම් ක්‍රමවේද සහිත අංගසම්පුර්ණ නව බහුදින ධිවර යාත්‍රාවක් ධීවර කර්මාන්තය සඳහා හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

ලොරෙන්සෝ පුතා - 4 යාත්‍රාවේ සිටි ධීවරයින් ඉතා ඉක්මණින් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයා හරහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර තිබෙන බව ද  රාජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.