සුපිරි තාත්තා


2016-12-09-ent-22

රීතික් රොෂාන් ඉපදුණේ නළුවෙකු හා අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් ප‍්‍රසිද්ධ රාකෝෂ් රොෂාන් ගේ පුතු වෙමිනි. රිතික්ගේ පුතුන් දෙදෙනාත් ඔහු වන් ජනප‍්‍රිය පියෙකු ලබන්නට තරම් වාසනාවන්ත වී සිටිති.

රිතික්ගේ මුළු ලෝකයම සැදී ඇත්තේ රෙහාන් හා රිධාන්ගෙන් යයි කිවහොත් එය බොරුවක් නොවේ. බිරිඳගෙන් දික්කසාද වූයේ වී නමුත් ඔහු පුතුන් දෙදෙනාට ඒ තරමටම ආදරය කරන්නේය.

‘‘ඔබ ධනවත් වගේම කීර්තිමත් කෙනෙක්... ඒ වගේ තාත්තා කෙනෙකුගේ දරුවන්ට ලැබෙන ලාබ ප‍්‍රයෝජන මොනවාද...? පුවත්පත් සාකච්ඡුාවකදී ඔහුගෙන් විමසනු ලැබිණි.

‘‘මම නම් හිතන්නෙ වාසිවලට වැඩිය අවාසි තමයි වැඩි.. ඒ වගේ තාත්තා කෙනෙකුගෙ දරුවෝ කම්මැලි වෙනවා. සුඛෝපභෝගී ජීවිතේටම හුරු වෙනවා... මම ජයග‍්‍රහණවලට වගේම පරාජයන්ටත් මූණ දීලා අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ දෙකම නිහතමානීව පිළිගන්න තරම් ධෛර්යයක් මට තියෙනවා. මගේ පුතාලටත් ඒ ධෛර්යය තිබුණොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ..

රිතික් පැවසුවේය.

තමා පුතුන් දෙදෙනා සමඟ මිත‍්‍රශීලීව හැසිරුණත් අවශ්‍යතාව අනුව රළු වෙන බවත් තවදුරටත් ඔහු කීවේය.

‘‘එයාලා ගන්න තීරණවල වගකීම එයාලට බාර ගන්න පුළුවන්ද කියන එක ගැන මම හුඟක් සැළකිලිමත් වෙනවා... ඒ වගේම මම ඔවුන්ට පාර පෙන්නනවා... හැබැයි ඔවුන් නතර කරන්න උත්සාහ කරන්නෙ නෑ. මට ඕන කරන්නෙ ඔවුන් තමන් වෙනුවෙන් තීරණ ගන්නා අය වෙනවා දකින්න. අපේ ලොකුම දුර්වලකම් වලින් එකක් තමයි බරපතළ තීරණ තනියෙන් ගන්න බැරිකම... මගේ දරුවො දෙන්නා ඒ සඳහා අවශ්‍ය ශක්තිය වර්ධනය කර ගනියි කියල මම බලාපොරොත්තු වෙනවා.’’ ඔහු පැවසීය

ඔහු සුපිරි තාත්තා කෙනෙකු යයි එම සාකච්ඡුාව කියැවූ බොහෝ දෙනෙකු සමාජ වෙබ් අඩවිවලට ප‍්‍රකාශ කර තිබිණි.

 

2016-12-09-ent-21
2016-12-09-ent-20