සුපිරි ගායක සෝනු නිගම් ඔත්පළ වෙන හැඩක්


2016-07-29-ent-17

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අතරද ඉමහත් ප්‍රසාදයක් හිමිකරගෙන සිටින සුපිරි බොලිවුඩ් පසුබිම් ගායකයකු වන සෝනු නිගම් ළඟදීම ඔත්පළ වන කම්පනීය ප්‍රවෘත්තියක් මේ වන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට තමන් භාරගෙන ඇති සියලුම ප්‍රසංග නවතා දමා ඇති සෝනු නිගම් ශල්‍යකර්මයකට සූදානම් වන අතර, ඔහු අවසානයට සහභාගී වූ උත්සවය වූ "සාර්බ්ජිත්" චිත්‍රපටය වෙනුවෙන්ද පැමිණියේ කිහිළිකරුවලිනි. කෙසේනමුත් ඔහු සැප්තැම්බර් දක්වා තිබෙන ගීත පටිගත කිරීම්වලට සහභාගී වන බව සෝනු නිගම්ගේ සමීපතමයකු ඉන්දීය මාධ්‍යයට පවසා ඇති අතර, ශල්‍යකර්මයෙන් පසුව ඔහුගේ ඇවිදීමේ හැකියාව ගැන යමක් පැවසිය හැකි බැව් ඔවුහු පවසති.