සුනිල් ශාන්තට උදව් කළ තිදෙනෙක් අත්අඩංගුවට


බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
වැලිකඩ බන්ධනාගාරය තුළට බන්ධනාගාර නිලධාරියකු සේ වෙස්වලාගෙන පැමිණි පුද්ගලයකු සුක්ෂම ලෙස රැගෙන ගිය රැඳවියකු වන සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නැමැත්තාට සැඟවී සිටීමට උදව් උපකාර කළ තිදෙනෙකු  සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 


ඉකුත් නොවැම්බර් 17 වැනි දා අදාළ රැඳවියාව පැහැර ගෙන ගොස් තිබේ.


අත්අඩංගුවට ගත් තිදෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.


පලා යාමට යොදා ගත් කැබ් රථයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.