පුවත්පත් කලාව වෙනුවෙන් වසර පනහක් සිය ජීවිතය කැප කළ සුනිල් මාධව ප්‍රේමතිලකට උපහාර පිදීමේ උත්සවයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ඔහුට සුබ පැතීමට පැමිණි මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ගෙන් සහ ඔහුගේ පාඨකයන්ගෙන් ශාලාව පිරී පැවතිණි.
සිළුමිණ පුවත්පතේ කර්තෘවරයකු සහ කොළඹ යුගයේ නම ගිය කවියකු වූ මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයා වන සුනිල්ගේ සහෝදර සහෝදරයෝ කිහිප දෙනෙක් ද ඔහුගේ අඩිපාරේ ගොස් සිටිති.
සුනිල් මහතාගේ මවට ද උපහාර පිදිණි.






