වසර පහළොවකට පෙර ඉරණතිව් මුහුදේදී කොටි මිසයිලයකින් මුහුදු බත් වූ ඇන්ටනෝර්ව් යානයේ සුන් බුන් ගොඩ ගැනීම සිව් දිනක් තිස්සේ සිදු විය.
මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව ගොඩ ගත් සියලු දෑ පළාලි ගුවන් හමුදා කඳවුට බාර දුන් බව පොලීසිය කියයි.
ඒත් යානයේ කළු පෙට්ටිය සොයා ගත නොහැකි විය.
සොයාගත්, මිනිස් ඇට, හිස්කබල්, දත් රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතය.